Search

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ඛේදවාචකයක් සිදුවී අදට වසර 10යි

පන්දුවක් හිසේ වැදීම නිසා මිය ගිය ඔස්ට්‍රේලියානු  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මිය ගොස් අදට වසර 10ක් සපිරෙනවා.

2014 වසරේ ඔස්ට්‍රේලියානු අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක දී නිව් සවුත් වේල්ස සහ දකුණු  ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවති තරඟයේදී මෙම අනතුරට ෆිල් හියුස් ලක්වුණා.

නිව් සවුත් වේල්ස් වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ඇබොට් යොමු කළ පන්දුවක් හිසේ වැදීම නිසා ෆිල් හියුස් රෝහල් ගත කෙරුන අතර එහිදී ඇති වූ කෝමා තත්වය නිසාවෙන් අසාද්‍ය වූ ෆිල් හියුස් ජීවිතයෙන් සමුගත්තා.

මෙය ක්‍රිකට් රසික සියලූ දෙනාටම මහත් වේදනාවක් ගෙන දුන් පුවතක් ලෙස සදහන්.

ෆිල් හියුස් මියයන විට ටෙස්ට් තරග 26කට සහභාගි වී ශතක තුනක් සමග ළකුණු 1535ක් රැස්කරගෙන සිටියා.