
ඔස්ට්‍රේලියාවේ පළමු නිවර්තන සුළි කුණාටුව මෙම සතියේ ආරම්භ වීමට නියමිත බව කාළගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් මෙම සුළි කුණාටු තත්වය හටගන්නා බවයි දැනුම් දී ඇත්තේ.
හෙට වන විට මෙය නිවර්තන සුළි කුණාටුවක් බවට පත්වීමේ වැඩි බලපෑමක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

ඔස්ට්‍රේලියාවේ නිවර්තන සුළි සුළං සමය නොවැම්බර් මස මුලදී ආරම්භ වන අතර අප්‍රේල් අග දක්වා පවතින බවයි වාර්තා වන්නේ.
මෙම කාලසීමාව තුළ නිවර්තන සුළි කුණාටු 9 ත් 11 දක්වා වර්ධනය විය හැකි බවද කාළගුණ නිවේදනයේ දැක්වෙනවා.

2024-2025 වසර සදහා පළමු සුළි කුණාටුව රොබින් ලෙස නම් කර තිබෙනවා.
සුළි කුණාටු බලපෑම ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට කිසිදු බලපෑමක් සිදු නොවන බවට අනාවැකි පල කර ඇති අතර එය Cocos (Keeling) දූපත් කලාපයට බලපෑම් එල්ල කරන බවයි වාර්තා වන්නේ.
මෙම සතියේ ඉතිරි කාලය දිවයින පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබෙනවා.