Search

TSS වීසා සඳහා අවශ්‍ය පළපුරුද්දේ කාලය අඩු කෙරේ

ඔස්ට්‍රේලියානු රජය විසින් 2024 නොවැම්බර් 23 සිට ක්‍රියාත්මක වන පරිදි Temporary Skill Shortage (TSS) වීසා බලපත්‍රය ලබාගැනීම සදහා අවශ්‍ය වන අවුරුදු 2 ක පළපුරුද්ද වසරක් දක්වා අඩු කරන බවට නිවේදනය කර තිබෙනවා.

මෙවර ෆෙඩරල් අයවැයේදී මෙම සංශෝධනය සම්බන්ධයෙන් රජය දැනුම් දීමක් සිදුකර තිබුණු ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය ලියවිල්ලක් ෆෙඩරල් රජය විසින් නිකුත් කර නොමැති බවයි සදහන් වන්නේ.

මෙම තීරණය බලාත්මක වීමට නම් 482.221, 482.231 සහ 482.242 යන නීති රෙගුලාසි සංශෝධනය කිරීම සදහා රජය විසින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියකට (Legislative Instrument) යොමු විය යුතු බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මෙම ප්‍රමාදය සහ Skills in Demand (SID) වීසා බලපත්‍රය හදුන්වා දීම අතර පවතින සබදතාවය මේ හරහා පෙන්නුම් කරන බවයි සදහන් වන්නේ.

ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Skills in Demand (SID) වීසා බලපත්‍රය නිකුත් කිරීම ආරම්භ කරන දිනය සම්බන්ධව මෙතෙක් නිශ්චිත දැනුම්දීමක් සිදුකර නොමැති අතර 2024 වර්ෂය අවසන් වීමට පෙර එය නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දී තිබෙනවා.

Temporary Skill Shortage (TSS) වීසා බලපත්‍ර සම්බන්ධ සංශෝධනය කෙරෙහි විශ්වාසය තබා සිටින වීසා අයදුම් කරුවන්ට විකල්ප වීසා බලපත්‍ර වෙත යොමුවීමට හෝ ඉදිරියේදී හදුන්වා දීමට නියමිත Skilled and Demand (SID) වීසා බලපත්‍රය නිකුත් වන තෙක් බලාසිටීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »