Search

වික්ටෝරියා හි ප්‍රධාන තනතුරක් ඉල්ලා අස්වෙයි


70 හැවිරිදි වියේ පසුවන පීටර් වොලෂ් 2002 සිට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන අතර Baillieu සහ Napthine සභාග ආණ්ඩුවල අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙන බවයි සදහන් වන්නේ.

ඔහුගේ ඉවත් වීමෙන් හිස් වූ නායකත්වය සදහා දකුණු ගිප්ස්ලන්ඩ් හි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩැනී ඕ බ්‍රයන් නිතරගයෙන් ම තේරී පත් ව තිබෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයේ වෙනසක් සිදු නොවන බවත් Emma Kealy විසින් එම තනතුරේ රාජකාරී කටයුතු ඉදිරියටත් සිදු කරගෙන යන බවයි එහි දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් පීටර් වොලෂ් වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළ සිය මන්ත්‍රී ධූරයේ තවදුරටත් වැඩ කටයුතු කරන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

2026 වසරේදී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සදහා තමන් නැවත ඉදිරිපත් නොවන බව ද ඔහු විසින් සදහන් කර තිබීම විශේෂත්වයක්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »