නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නොගෙවූ Covid 19 දඩ 20,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබෙන අතර දඩ මුදල් ගෙවූ පුද්ගලයන්ට එම මුදල් ආපසු ගෙවීමට තීරණය කර තිබෙනවා.
මීට වසර දෙකකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් Covid 19 වසංගත සමයේදී පැනවූ දඩ 62,000 කින් 36,000 ක් ම අවලංගු කළ බව සදහන් වනවා.
නිව් සවුත් වේල්ස් රජය මීට පෙර ඉතිරි දඩ ප්‍රමාණය අවලංගු කිරීම ප්‍රතික්ෂේප කර තිබුණු පසුබිමක මෙම තීරණයට එළඹීම ද විශේෂත්වයක්.
ප්‍රාන්ත රජය විසින් ගෙන ඇති මෙම තීරණයට අනුව 23,539 ක දඩ ප්‍රමාණයක් ඉදිරියේදී අවලංගු කිරීමට පියවර ගෙන තිබෙන බවයි සදහන් වන්නේ.
පාරිභෝගික සේවා දෙපාර්තුම්න්තුව (Department of Customer Service) විසින් සදහන් කර ඇත්තේ නීති උපදෙස් සහ ගෙවීමට ඇති දඩ මුදල් සම්බන්ධව විස්තර සමාලෝචනයකින් පසුව ප්‍රාන්ත රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ හරහා Covid 19 දඩ මුදල්වලින් කොටසක් හෝ සම්පූර්ණ දඩ මුදලම ගෙවූ පුද්ගලයන්ට නිව් සවුත් වේල්ස් රජය විසින් ඩොලර් මිලියන 5.5 ක සම්පූර්ණ දඩ මුදල් ආපසු ගෙවීමට සැලසුම් කර තිබෙන බව වැඩිදුරටත් සදහන්.