මෙම වසරේ ව්‍යාපාර නවෝත්පාදන සහ දැනුම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා.
බොහෝ විදේශ සචාරකයින් පවා තම ගෝලීය ව්‍යාපාර සදහා ව්‍යාපාරික සම්මන්ත්‍රණ , රැස්වීම් සඳහා මෙල්බන් නගරය තෝරා ගන්නා බවයි Melbourne Convention Bureau (MCB) වාර්තා පෙන්වා දෙන්නේ.
පසුගිය මූල්‍ය වර්ෂයේ දී පමණක් එවැනි ගෝලීය සම්මන්ත්‍රණ සහ රැස්වීම් 215 ක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සදහා සහභාගි වූ විදෙස් නියෝජිතයින් ගණන 109,000 කට වඩා වැඩි බවද සදහන් වනවා.
මෙම සිදුවීම් රාජ්‍ය ආර්ථිකයට ඩොලර් මිලියන 252ක දායකත්වයක් සිදුව ඇති බවයි Melbourne Convention Bureau (MCB) වාර්තා පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය, විද්‍යාව සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල ප්‍රමුඛයා ලෙස වික්ටෝරියා ප්‍රාන්තය ලෝකය තුල කීර්තිමත්වි ඇති අතර 2025 වසර ආරම්භයේම 2025 World Chambers Congress මෙල්බන් හි පැවැත්වීමට සූදානම් බව සදහන්.
ඒ අනුව ලබන වසර තුළ මෙවැනි ජාත්‍යන්තර සම්මේලන සහ හමු වික්ටෝරියා හි පැවැත්වීමෙන් වික්ටෝරියා රජයට ඩොලර් මිලියන 371 ක ආදායමක් හිමිවනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.