ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන්ට සංචාරය කිරීමට වඩාත් සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
9 news Australia විසින් සිදුකල අධ්‍යනයකට අනුව සිදුකර ඇති මෙම ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවට දස වන ස්ථානය හිමිව තිබීම ද විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන් සංචාරය කිරීම සදහා සුදුසුම රටවල් අතර පළමු ස්ථානය ආර්ජන්ටිනාවට හිමිව තිබෙන අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි වී ඇත්තේ ඊජීප්තුවට වීම ද කැපී පෙනෙනවා.
තුර්කිය සහ උතුරු සයිප්‍රස් මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමි කරගෙන තිබෙන පසුබිමක සිව් වන ස්ථානය බ්‍රසීලයට හිමිව තිබෙන බවද සදහන්.
මෙම ශ්‍රේණිගත කිරීමේදී මෙක්සිකෝව ට පස් වන ස්ථානය හිමිව ඇති අතර හය වන ස්ථානය චිලී රාජ්‍යය වෙත හිමි ව තිබෙනවා.
මෙහි හත් වන ස්ථානයේ සිට නව වන ස්ථානය දක්වා ඇති රටවල් අතරට පිළිවෙලින් හංගේරියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ඇතුලත් ව තිබීම ද විශේෂත්වයක්.