Search

ඔස්ට්‍රේලියා දරුවන්ට එරෙහි සමාජ මාධ්‍ය තහනමට Social Media දැවැන්තයන්ගෙන් විරෝධය

ෆෙඩරල් රජය විසින් යෝජනා කර තිබෙන අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනමට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා දැවැන්තයින් කිහිප දෙනෙකුම සිය විරෝධය පළ කර තිබෙනවා.

මේ වන විට මතභේදයකට තුඩු දී තිබෙන මෙම පනත් කෙටුම්පත 2025 වසර අවසන් වනවිට පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට කම්කරු පක්ෂය ක්‍රියා කරමින් සිටින පසුබිමක මෙම තහනම හරහා අවුරුදු 16 ට අඩු දරුවන්ට Facebook, Instagram, X, TikTok සහ Linkedin වැනි සමාජ මාධ්‍ය ජාලා රැසකට ලියාපදිංචි වීමට නොහැකි වන බව ද සදහන්.

යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති එක්දින පාර්ලිමේන්තු පරීක්ෂණයේදී Meta සහ Alphabet වැනි විශාල සමාගම් රැසක් මේ පිළිබදව අදහස් ඉදිරිපත් කර තිබෙන බවද සදහන් වනවා.

Alphabet සමාගම ප්‍රකාශ කර ඇත්තේ වයස් සීමාව තහවුරු කර ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමෝපායන් ස්ථාපිත කරන තෙක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය මෙම නීති සම්පාදනය කිරීම ප්‍රමාද කළ යුතු බවයි.

ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහවුරු කර ගැනීම සදහා රජය විසින් තහනමට ඇතුලත් වන සමාජ මාධ්‍ය ජාලා මොනවාද යන්න සම්බන්ධව දැනුම් දීමක් සිදුකර යුතු බවයි Google සහ Youtube විසින් සදහන් කර ඇත්තේ.

Facebook සහ Instagram හි හිමිකාරීත්වය දරන Meta සමාගමද මෙම නීති ක්‍රියාවට නැංවීම ප්‍රමාද විය යුතු බවට අදහස් ඉදිරිපත් කර තිබෙන අතර Linkedin සමාගම සදහන් කර ඇත්තේ අවුරුදු 16 ට අඩු දරුවන් සදහා Linkedin සමාජ මාධ්‍ය ජාලය තුළ කැමැත්ත ඇති දෑ කිසිවක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »