
වික්ටෝරියා ප්‍රාන්ත සූදු ක්‍රීඩාවල නියැලෙන පුද්ගලයන්ට එක් අවස්ථාවක දී Porker යන්ත්‍රවලට දැමිය හැකි උපරිම මුදල් ප්‍රමාණය ඩොලර් 1000 සිට ඩොලර් 100 දක්වා අඩු කර තිබෙන බවට සදහන් වනවා.
ඒ වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් අද (26) දින පාර්ලිමේන්තුවට හදුන්වා දුන් නව නීති ප්‍රතිසංස්කරණ හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මෙම නව නීති ප්‍රතිසංස්කරණ හරහා Poker යන්ත්‍ර සදහා විශේෂ ක්‍රීඩක කාඩ්පතක් හදුන්වා දීමට නියමිත අතර ඒ ඔස්සේ ඔට්ටු තබන්නන් කොපමණ මුදලක් වියදම් කරනවාද යන්න පිළිබදව නිරීක්ෂණය කිරීමට සහ සූදුව පාලනය කිරීමට හැකියාව ලැබෙන බව ද සදහන්.

පසුගිය වසරේ දී මෙල්බන් හි Crown Casino ආයතනයේ සියලුම සූදු ක්‍රීඩා කරන්නන්ට Poker යන්ත්‍ර 3000 ක් ආවරණය වන පරිදි විශේෂ කාඩ්පතක් හදුන්වා දුන් අතර ලබන වසරේ මැද භාගය වන විට මෙම ක්‍රමවේදය වික්ටෝරියා ප්‍රාන්තයේ තෝරාගත් ස්ථාන කිහිපයකම ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වනවා.
වික්ටෝරියානු සූදු සහ කැසිනෝ පාලන කොමිෂන් සභාව (Victorian Gambling and Casino Control Commission) විසින් 2025 දෙසැම්බර් 1 දිනයෙන් පසුව බලපැවැත්වෙන පරිදි ඕනෑම Poker යන්ත්‍රයක් සෑම අවස්ථාවකදීම අවම අවශයෙන් තත්පර 3 ක පමණ කාලයක් කැරකිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය හරහා Poker යන්ත්‍රවලට ක්‍රියාකාරීත්වය 40% කින් අඩු වන බවත් ඒ ඔස්සේ සූදු ක්‍රීඩා කරන්නන්ට අහිමිවන මුදල් ප්‍රමාණය අවම කර ගත හැකි බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.