පර්ත් හි උතුරු කලාප දෙකක පදිංචිකරුවන් සඳහා ලැව්ගිනි හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
හදිසි සේවා දෙපාර්තමෙන්තුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ වෙජ් අයිලන්ඩ් සහ කූල්ජාර්ලූ හි කොටස්වලට බව සඳහන්.
එම කලාප වල ජනතාවට වහාම ඉවත් වන්නැයි දැනුම් දී ඇති අතර තවමත එම හදිසි අනතුරු ඇගවීම් සැළකිල්ලට නොගෙන කටයුතු කරන ජනතාවට යළිත් ඒ සම්බන්ධයෙන් අවදානය දෙන ලෙස දැනුම් දෙනවා.
තවද එම කලාප වල ජනතාවගේ ජීවිතවලට සහ නිවාසවලට තර්ජනයක් තිබෙන අතර හැකි ඉත්මනින් ආරක්ෂිත කලාප වෙත යොමු වන ලෙස සදහන්.
ගිනි නිවන භටයින් සක්‍රීයව ගින්න මැඩපවත්වා ගැනීමේ කටයුතු වල නිරත වන බැවින් ලැව්ගිනි ඇතිවන කලාප වල නැරඹීම් සඳහා පැමිණීමේන් වලකින ලෙස ද වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
දැනටමත් එම ප්‍රදේශයේ මාර්ග රැසක් වසා දමා ඇති අතර තම සුරතල් සතුන් ද නිවෙස් වලින් රැගෙන යන ලෙසයි දැනුම් දී ඇත්තේ.