
මෙල්බර්න් නගරයේ ප්‍රදේශ රැසක පවතින අධික මීදුම හේතුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.
මෙල්බර්න් ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු පැවසුවේ මීදුම “මෙහෙයුම්වලට දිගින් දිගටම බලපෑම් එල්ල කරන” නමුත් ප්‍රමාදයන් හැකිතාක් අවම කිරීමට පියවර ගන්නා බවයි.
මීදුමත් සමග මාර්ග පථයන් නිසි ආකාරව නොපෙනීම හේතුවෙන් එම තත්වය තුළ ගමන් ආරම්භ කිරීම වචාත් අනතුරුදායක බව සදහන් කර තිබෙනවා.

අද උදෑසන අභ්‍යන්තර ගුවන් ගමන් 29 ක් අවලංගු
කිරීමට සිදුවූ බවයි දැනුම් දී ඇත්තේ.

ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන කිරීම් සඳහා ඔවුන්ගේ ගුවන් සමාගම සමඟ පරීක්ෂා කරන ලෙස ගුවන් මගීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
දැඩි මීදුම හමුවේ මෝටර් රථ රියදුරන් පවා මාර්ග ධාවනයේදි සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් දන්වා තිබෙනවා.