Search

මෙල්බන් සහ සිඩ්නි නිවාස මිල ගැන සුබ ආරංචියක්

“SQM Research” හි නවතම Boom and Bust වාර්තාවට අනුව 2025 වසර වනවිට මෙල්බන් සහ සිඩ්නි හි නිවාස මිල තව දුරටත් පහත වැටීමට නියමිත බව සදහන් වනවා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය මධ්‍ය නිවාස මිල 1% ත් 4% ත් අතර අගයකින් ඉහල යා හැකි බව ද එම වාර්තාව ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

SQM Research දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2025 වසර වනවිට මෙල්බන් සහ නිවාස මිල 5% සිට 1% ක් දක්වා පහත වැටෙන බවයි.

2025 වසරේදී වැඩිම නිවාස මිල ඉහල යෑම වාර්තා වන්නේ පර්ත් හීදී බවත් එම අගය 14% සිට 19% ක් දක්වා වර්ධනය විය හැකි බවයි එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙවැනි තත්වයක් තුළ බ්‍රිස්බන් හි නිවාස මිල 9% සිට 14% ක් දක්වා ඉහල යන අතර ඇඩිලේඩ් හි නිවාස මිල ද 8% සිට 13% ක් දක්වා ඉහල යා හැකි බවයි සදහන් වන්නේ.

ඩර්වින් නිවාස මිලද 2025 වර්ෂයේදී 5% සිට 8% ක් දක්වා වර්ධනය වන පසුබිමක හෝබාර්ට් හි නිවාස මිල 3% කින් අඩුවී නැවත 2% කින් ඉහල යන බව ද එහි දක්වා තිබෙනවා.

SQM Research දත්ත වාර්තාවලට අනුව කැන්බරා හි නිවාස මිල ද ඉදිරි වසරේදී 6% සිට 2% ක් දක්වා අඩුවිය හැකි බවයි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »