Search

ඔස්ට්‍රේලියාවේ ජනාකීර්ණම ප්‍රාන්ත දෙකකට දැඩි උණුසුම් අනතුරු ඇඟවීමක්

අද සහ හෙට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකකට දැඩි උෂ්ණ අධික කාලගුණයක් සදහා සුදානමින් පසුවන ලෙස කාළගුණ අංශ ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව නිව් සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ඩ් යන ප්‍රාන්ත වලට දැඩි උෂ්ණත්වයෙන් බාධා එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.

සිඩ්නි නගරය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කට ආසන්න අගයක් ගන්නා අතර ක්වීන්ස්ලන්ඩ් හි බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක ඉක්මවන බව සදහන්.

අද සහ හෙට දෙදින මිලියනයකට වැඩි ඔස්ට්‍රේලියානුවන් පිරිසක් වායු සමීකරණ යන්ත්‍ර වෙත යොමුවන අතර එම දිනයන් හි වැඩි විදුලි ඉල්ලුමක් ද පවතිනු ඇති බවයි පුරෝකතනය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ ක්‍රියාකරුවන් පැවසුවේ මෙම තත්වය අදාළ අංශවෙත දැනුම් දී ඇති බවත් විදුලිය ලබා ගැනීම ඉහළ නැංවීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවයි.

මෙම සති අන්තයේ උෂ්ණත්වය පහත වැටෙනු ඇති නමුත් සති අන්තය දක්වා සෙල්සියස් අංශක 20 ඉක්මවූ අගයන් හි පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ද සදහන්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »