Search

පාසල් යන වික්ටෝරියා දරුවන්ගේ දෙමව්පියන්ට ඩොලර් 400 ක දීමනාවක්

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් දරුවන්ගේ අධ්‍යාපන වියදම් සදහා පවුල් වෙත ගෙවීමක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මැයි මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද ප්‍රාන්ත අයවැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය හරහා එක් පාසල් දරුවෙකුට ඩොලර් 400 ක ඉතුරුම් ප්‍රසාද දීමනාවක් හිමි වන බවයි සදහන් වන්නේ.

මෙම දීමනාව සදහා සුදුසුකම් සපුරා ඇති පවුල් වෙත ඉදිරියේදී ඊ මේල් පණිවිඩයක් හරහා ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරන බවත් සුදුසුකම් ලැබූ රාජ්‍ය පාසල්වල දරුවන්ට මෙන්ම රාජ්‍ය නොවන පාසල්වල තෝරාගත් දරුවන්ට ද මෙම ගෙවීම සිදුකිරීමට නියමිත බව ද සදහන් වනවා.

2025 අධ්‍යයන වර්ෂය සදහා සුදුසුකම් සපුරා ඇති දරුවන් වෙත හිමි වන ඩොලර් 400 ක දීමනාව භාවිතා කරන ආකාරය සම්බන්ධව තීරණය කිරීමට පවුල් වලට අවස්ථාව ලබාදී ඇති පසුබිමක පාසල් නිල ඇදුම්, පෙළ පොත්, අධ්‍යාපන චාරිකා, ක්‍රීඩා වැඩසටහන් සහ උපාධි වියදම් සදහා මෙම ගෙවීමෙන් හිමිවන මුදල් භාවිතා කිරීමට අවකාශය හිමිවන බවයි දක්වා ඇත්තේ.

ඇස්තමේන්තු කර ඇති ආකාරයට පාසල් සිසුන් 70,000 කට පමණ මෙම දීමනාව හරහා ප්‍රතිලාභ හිමි වන අතර පාසල් යන වයසේ පසුවන දරුවන් තිදෙනෙකු සිටින පවුලකට ඩොලර් 1200 ක මුදලක් හිමිවීම ද විශේෂත්වයක්.

පෙළ පොත් සහ පාසල් නිල ඇදුම් සදහා මෙම දීමනාව භාවිතා කිරීමට අපේක්ෂා කරන පවුල් 2025 ජූනි 30 ට පෙර එම මුදල් භාවිතා කර යුතු අතර භාවිතා නොකරන මුදල් ස්වයංක්‍රීයව අදාල දරුවන්ගේ පාසල් ගිණුම වෙත බැර වන බවයි සදහන් වන්නේ.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »