ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (නොවැම්බර් 25) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 195 කට ආසන්න වී තිබෙනවා.
එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 194 යි ශත 99 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 185 යි ශත 26 ක් ලෙසයි.
ඒ අනුව නොවැම්බර් 25 වනදා අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 295 යි ශත 51 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 286 යි ශත 51 ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 194 ක් වු අතර මේ වන විට සුළු පහත වැටීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 311.49 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 298.51 ක් ලෙසයි.