Search

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ දී ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 295 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

නොවැම්බර් 22 වනදා පර්ත් හීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඔවුන්ට පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 150 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජෝශ් හෙසල්වුඩ් කඩුළු 4 ක් බිද හෙලූ අතර පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, මිචෙල් මාෂ් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.

පළමු ඉනිම සදහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වූ අතර ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 104 ක් පමණි.

ඉන්දියාවේ වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා කඩුළු 5 ක් බිද හෙලීමට සමත්කම් දැක්වූ අතර මොහොමඩ් සිරාජ් සහ හර්ශිට් රානා අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.

දෙවන ඉනිම සදහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් කඩුළු 6 ක් පමණක් දැවී ලකුණු 487 ක් රැස්කිරීමට සමත් වූ අතර ඒ අවසරයෙන් ඔවුන් ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඉන්දියාව වෙනුවෙන් යසස්වි ජෙයිෂ්වාල් ලකුණු 161 ක් ද විරාට් කෝලි ලකුණු 100 ක් ද රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 534 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 238 ක් පමණයි.

ඒ අනුව තරග 5 කින් සමන්විත තරගාවලියේ 1- 0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින පසුබිමක දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් 6 වනදා ඇඩිලේඩ් හීදී ආරම්භ වීමට නියමිතයි.