
නත්තල් උත්සව සමයේදී ඔස්ට්‍රේලියානුවන්ගේ රාත්‍රී කෑම මේසයේ තිබෙන ජනප්‍රිය ආහාරයක් වන චෙරි මෙම වසරේදී හිඟ විය හැකි බවට තොරතුරු සදහන් වනවා.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් චෙරි වගාවන්ට විශාල බලපෑමක් එල්ල වී තිබීම නිසා මෙම තත්වය උද්ගත විය හැකි බවයි වාර්තා වන්නේ.
Manajimup කලාපයේ වගාකරුවන් නියෝජනය කරන Southern Forest Food Council (SFFC) විසින් අනුමාන කරන්නේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම වසරේ චෙරි අස්වැන්නෙන් 90% කට වැඩි ප්‍රමාණයක් ගොවීන්ට අහිමි වී යෑමේ අවදානමක් පවතින බවයි.

මෙම තත්වය හමුවේ කලාපයේ චෙරි ගොවීන්ට විශාල පාඩුදායක තත්වයන්ට මුහුණ දීමට සිදුවන අතර ඔවුන්ගේ මූල්‍ය මට්ටම ද පහත වැටෙනු ඇති බවයි Southern Forest Food Council (SFFC) හි සභාපති ආතර් විල්සන් විසින් සදහන් කර ඇත්තේ.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් Tuffle සහ අලිගැටපේර අස්වැන්නට ද බලපෑමක් එල්ල විය හැකි බව ද සදහන් වනවා.

මෙම අර්බුදකාරී තත්වයට ප්‍රතිචාර වශයෙන් වෙනත් ප්‍රාන්තවලින් චෙරි ආනනයන අවම කිරීම සදහා Manjimup සහ අනෙකුත් ප්‍රදේශවල චෙරි වගාවන් නැවත ආරම්භ කරන බවයි වාර්තා වී ඇත්තේ.