මෙම සතිය ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වලට දැඩි උෂ්ණ අධික කාලගුණයක් සදහා සුදානමින් පසුවන ලෙස කාළගුණ අංශ ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ඩ් යන ප්‍රාන්ත වලට දැඩි උෂ්ණත්වයෙන් බාධා එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.
සිඩ්නි නගරය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කට ආසන්න අගයක් ගන්නා අතර ක්වීන්ස්ලන්ඩ් හි බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක ඉක්මවන බව සදහන්.
හෙට සහ අනිද්දා දෙදින මිලයනයකට වැඩි ඔස්ට්‍රේලියානුවන් පිරිසක් වායු සමීකරණ යන්ත්‍ර වෙත යොමුවන අතර ඒම දිනයන් හි වැඩි විදුලි ඉල්ලුමක් ද පවතිනු ඇති බවයි පුරෝකතනය කර ඇත්තේ.
ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ ක්‍රියාකරුවන් පැවසුවේ මෙම තත්වය අදාළ අංශවෙත දැනුම් දී ඇති බවත් විදුලිය ලබා ගැනීම ඉහළ නැංවීම සඳහා
අඛණ්ඩව කටයුතු කරන බවයි.
මෙම සති අන්තයේ උෂ්ණත්වය පහත වැටෙනු ඇති නමුත් සති අන්තය දක්වා ඉහළ 20 ගණන්වල පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.