ලංකාවට යළිත් වාහන ආනයනය කරන්න අවසර දෙන දිනය මෙන්න

වාහන ආනයනය සදහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු පවසන්නේ මේ වසර අවසාන භාගයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව නිශ්චිත තීරණයකට එළඹෙන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“වාහන නැවතවරක් ආනයනය කිරීමට පහසුකම් ලබාදීමට තවදුරටත් මේ අවස්ථාවේ දී සිදුකිරීම අපහසුවෙයි. මේ අවුරුද්දේ අන්තිමට වගේ අපි සියලුම තත්ත්වයන් ලෙස බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් වෙයි ඉදිරියට අපිට ඒක ලිහිල් කරන්න පුළුවන් වෙනවා ද ? නැත්නම් තවදුරටත් කරන්න සිදුවෙනවා ද ? කියලා.

මම හිතන්නේ ඉදිරි කාලය තුළ දී ඒ තීරණයට අපිට එන්න පුළුවන් වෙයි. එතකල් ඒ තහනම දැනට ක්‍රියාත්මක වෙනවා. තවම අපේ විදේශීය අංශය අපි හිතුව තැනට ඇවිල්ලා නෑ. සංචාරක කේෂ්ත්‍රය විශේෂයෙන්ම තවමත් අභියෝග රැසකට මුහුණදෙන්න සිද්දවෙලා තියෙනවා. තවමත් ලෝකයේ සංචාරක කේෂ්ත්‍රය යථාතත්ත්වයට පත්වෙලා නැහැ.

ඒ දුර්වලතාවය තියෙන නිසා අපිට රට ඉක්මනින් ඇරලා සංචාරකයින් එන විදියට කටයුතු කරන්න අපෝසත් වෙලා තියෙනවා. ඒ වුණත් බොහෝ දේවල් දැනටමත් කරගෙන යනවා.“

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »