Search

ඔස්ට්‍රේලියාවේ කුඩා ළමුන් නාසය තුළ සිරකර ගන්නා දේවල් 10ක් ගැන අනාවරණයක්

ක්වීන්ස්ලන්ඩ් ළමා රෝහල විසින් කුඩා දරුවන් නාසය තුළට දමන දේවල් සම්බන්ධව සොයා බැලීමක් සිදු කර තිබෙනවා.

පසුගිය වසර 10 ක කාල සීමාව තුළ ක්වීන්ස්ලන්ඩ් ළමා රෝහල් කාර්ය මණ්ඩලය විසි නාසය තුළ විවිධ දෑ සිර කරගත් ළමුන් 1650 කට වැඩි පිරිසකට ප්‍රතිකාර කර තිබෙන බවයි සදහන් වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ළමා රෝහල සදහන් කරන ආකරයට කුඩා දරුවන් නාසය තුළ සිර කරගන්නා ද්‍රව්‍ය ලැයිස්තුවේ පබළු වර්ග (Beads) ඉදිරියෙන්ම තිබීම ද විශේෂත්වයක්.

Lego, කුඩා රවුම් හැඩති වස්තූන්, බීජ වර්ග (Seeds) සහ කුඩා ඇට වර්ග (Nuts) ද කුඩා දරුවන් වැඩි වශයෙන් නාසයේ සිර කර ගන්නා බවයි එහි දක්වා ඇත්තේ.

කුඩා සෙල්ලම් බඩු (Toys), බොත්තම් වර්ග සහ Crayons ද මෙම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

කුඩා ළමුන් නාස් පුඩු තුළ සිර කරගන්නා ද්‍රව්‍ය අතර Magnets සහ බැටරි වර්ග ද තිබෙන බවයි ක්වීන්ස්ලන්ඩ් ළමා රෝහල විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »