ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට කැමැත්තක් දක්වන සංචාරකයින් සදහා සුදුසුම වීසා කාණ්ඩය Visitor Visa (Subclass 600) බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.
Visitor Visa (Subclass 600) හරහා ඔස්ට්‍රේලියාවට එන විදේශිකයින්ට Cruise සංචාරයන් සදහා මෙන්ම ඔස්ට්‍රේලියාවේ දැනට සිටින තම පවුලේ ඥාතීන් සහ මිතුරන් බැලීමටද අවස්ථාව හිමිවනවා.
මෙම විසා කාණ්ඩයේ විශේෂත්වය වන්නේ මාස 12ක කාලසීමාවක් ඔස්ට්‍රේලියාවේ රැදීමට අවස්ථාව හිමිවන අතර එම කාලසීමාව තුළ විදේශිකයින්ට මෙරර රැකියා කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
තවද විශේෂ වෛද්‍ය ප්‍රතිකාර සදහා ද එම කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ට අවස්ථාව හිමිවනවා.
තවද ව්‍යාපාර සදහා දැනුම ලබා ගැනීමටද මෙම කාලසීමාවේ අවස්ථාව හිමිවුවත් මෙරට රැකියාවක් කිරීමට කිසිදු නීතිමට අවසරයක් හිමිවන්නේ නැහැ.
එම වීසා කාණ්ඩය apply කිරීමට පෙර සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවේ සිටීමට තරම් ප්‍රමාණවත් වත්කමක් තිබිය යුතුයි.
මේ පිළිබද සංචාරකයින් සදහා අවශ්‍ය සෑම උපදෙසක්ම ඔස්ට්‍රේලියා විදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සදහන් කර ඇති අතර වංචනික ආයතන හෝ පුද්ගලයින්ට නිරැවටෙන ලෙස වැඩිදුරටත් ෆෙඩරල් රජය උපදෙස් ලබා දෙනවා.