Search

NSW හි සෑම රියදුරන් 1/10ක් ගැන මවිතවන අනාවරණයක්

NSW ප්‍රාන්ත රියදුරන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන බව අනාවරණය වී තිබෙනවා.

Driving High වාර්තා අනුව පසුගිය මාස 12 තුළ සිදුකළ අහඹු පරීක්ෂ වලදී මේ බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

NRMA ආයතනය ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රධාන මාර්ග ආශ්‍රිත වසරකට මත්ද්‍රව්‍ය පරීක්ෂණ ලක්ෂ දෙක දක්වා වැඩි කරන ලෙසයි.

2023 වසරේ පමණක් NSW හි අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ 160,000ක් පමණ සිදුකර තිබුණා.

එහිදි අනාවරණය වී ඇත්තේ මාර්ග අනතුරු සදහා වැඩි වශයෙන් බීමතින් රිය පැදවීම , නියමිත පරිදි ආසන පටි භාවිතා නොකිරීමට මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීම බවයි.

2023 දී මත්ද්‍රව්‍ය ආශ්‍රිත රිය අනතුරු වලින් පුද්ගලයින් 79 දෙනෙකු මිය ගිය අතර එය 2022 වසරට වඩා මරණ 24 කින් ඉහළට.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »