නත්තල් සැණකෙළි සමයේදී මෙල්බන් වෙත පැමිණෙන පුද්ගලයන්ට නත්තල් සීයා සමග ඡායාරූප ගැනීමට අවකාශය හිමි ව තිබෙනවා.
මෙම අපූරු අවස්ථාව සදහා මෙල්බන් හි ස්ථාන 10 ක් වෙන් වී තිබෙන බවයි Time Out සඟරාව විසින් සදහන් කර ඇත්තේ.
South Melbourne Market, Chadstone -The Fashion Capital, Westfield Know Waverley Gardens Shopping Centre, Bunji Place, Malvern Shopping Centre, Westfield Southland, Chirnside Park Shopping Centre,
යන ස්ථාන වලදී නත්තල් සීයා සමඟ ඡායාරූප ගැනීමට සහ විනෝද වීමට මෙල්බන් වාසීන්ට අවස්ථාව හිමිව තිබෙන බව ද සදහන්.
එමෙන්ම Kew Court House, Westfield Doncaster, Eastland Shopping Centre, The Pines Shopping Centre (Doncaster East), Pacific Epping Shopping Centre සහ Greensborough Plaza, Highpoint Shopping Centre, Airport West Shopping Centre, Pacific Werribee
යන ස්ථාන වලට පැමිණීම තුළින් ද නත්තල් සීයා සමග ඡායාරූප ගැනීමට සහ කාලය ගත කිරීමට ද හැකියාව හිමිවන බවයි වාර්තා වන්නේ.
මෙම ස්ථානවලදී නත්තල් සමයේ අවසන් සතිය තුළ නත්තල් සීයා සමඟ කාලය ගත කිරීමට මෙල්බන් වාසීන්ට අවස්ථාව හිමි වන බව ද සදහන් වනවා.