විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මෙම වර්ෂයේ (2024) මුල් මාස දහයේ දී රුපියල් බිලියන 1650 දක්වා සියයට 3.9කින් වැඩිවී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වනවා.
ඔක්තෝබර් මාසයේ දී පමණක් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වශයෙන් රුපියල් බිලියන 172.7 ක මුදලක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
2023 වර්ෂයේ ඔක්තෝබර් මාසය වන විට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වශයෙන් ලැබී තිබුණේ රුපියල් බිලියන 168ක මුදලක්.
ඒ අනුව මෙම වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් රුපියල් බිලියන 4.7කින් වැඩි වී ඇති බව ද මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
2023 වර්ෂයේ මුල් මාස දහයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් වශයෙන් රුපියල් බිලියන 1,588.2ක මුදලක් ලැබී තිබුණා.
ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස දහයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස දහයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් රුපියල් බිලියන 61.8කින් වැඩි වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.