වික්ටෝරියා ප්‍රාන්ත වැසියෙකුට දැල්වූ දුම්වැටියක කොටසක් මෝටර් රථයෙන් පිටතට විසි කිරීම හේතුවෙන් ඩොලර් 800 කට වැඩි දඩයක් නියම කර තිබෙනවා.
මෙම පුද්ගලයා පසුගිය වසරේ ජූනි 7 වනදා Hume අධිවේගී මාර්ගය හරහා මෙල්බන් දෙසට ගමන් කරමින් සිටියදී දැල්වූ දුම්වැටියක කොටසක් මෝටර් රථයෙන් ඉවතට විසි කර තිබෙන අතර මෙම සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විසින් ඒ පිළිබදව වාර්තා කර තිබෙන බවයි සදහන් වන්නේ.
වික්ටෝරියා මධ්‍යම පරිසර අධිකාරිය (EPA) සදහන් කරන්නේ මෙලෙස පරිසරය වෙත විසි කරන දුම් වැටි කොටස් කාණු හරහා කුඩා ජල මාර්ග වලට එකතු වන බවයි.
උෂ්ණත්වය අධික මාසයක මෙම පුද්ගලයා මෙම ක්‍රියාව සිදුකළා නම් ලැව් ගින්නක් ඇතිවීමට ඉඩ තිබුණු බවයි වික්ටෝරියා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
මෙම පුද්ගලයා නොවැම්බර් මස 19 වනදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද ඔහු අදාල දිනයේදී උසාවියේ පෙනී සිටීමට අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව ගොනුකර තිබූ චෝදනා ඔප්පු වීම හේතුවෙන් අදාල පුද්ගලයා වරදකරු බවට මහේස්ත්‍රාත්වරයා විසින් තීන්දු කළ අතර ඔහුට ඩොලර් 740 ක දඩයක් සහ අමතර පිරිවැය වශයෙන් ඩොලර් 93 ක් ද ගෙවන ලෙසයි තීන්දු කර ඇත්තේ.