Top Universities වෙබ් අඩවිය විසින් නම් කර තිබෙන 2024 වසරේ ලොව අධ්‍යාපනය සදහා හොදම නගර ( QS Best Student Cities 2024) අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය ද ඇතුලත්ව තිබෙනවා.
QS දත්ත වාර්තා අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
මෙම ශ්‍රේණිගත කිරීමේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට සිව් වන ස්ථනය හිමිව තිබීම අතර සිඩ්නි නගරයට එහි 7 වන ස්ථානය හිමිව තිබීම ද විශේෂත්වයක්.
එංගලන්තයේ ලන්ඩන් නගරය මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇති පසුබිමක එහි දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය පිළිවෙලින් ජපානයේ ටෝකියෝ නගරයට සහ දකුණු කොරියාවේ සෝල් (Seoul) නගරයට හිමිවී තිබෙනවා.
ශ්‍රේණිගත කිරීමේ දී ජර්මනීයේ Munich නගරයට 7 වන ස්ථානය හිමිව ඇති අතර 8 වන ස්ථානය සදහා ජර්මනියේ බර්ලින් නගරය සහ ස්විට්සර්ලන්තයේ Zurich නගරය සම ලකුණු ලබාගෙන තිබෙන බවයි සදහන් වන්නේ.
මෙහි 10 වන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් වෙත හිමිව තිබීමද කැපී පෙනෙනවා.