Search

ලොව සාමකාමීම රටවල් ලැයිස්තුවට ඔස්ට්‍රේලියාවත්

World of Statistics වෙබ් අඩවිය විසින් සදහන් කර තිබෙන ලොව සාමකාමී ම රටවල් ලැයිස්තුවට ඔස්ට්‍රේලියාව ද ඇතුලත්ව තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවට 19 වන ස්ථානය හිමිව තිබීමද විශේෂත්වයක්

රටවල් 160 ක් කේන්ද්‍ර කරගෙන සිදුකර ඇති මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබෙන අතර එහි දෙවන ස්ථානය අයර්ලන්තයට හිමිව තිබෙනවා.

එහි සිව් වන සහ පස් වන ස්ථාන පිළිවෙලින් නවසීලන්තයට සහ සිංගප්පූරුවට හිමිව තිබෙන පසුබිමක හය වන ස්ථානය සහ හත් වන ස්ථානය ස්විට්සර්ලන්තයට සහ පෘතුගාලයට හිමිවී තිබෙන බවයි සදහන් වී ඇත්තේ.

ඩෙන්මාර්කය, ස්ලෝවේනියා සහ මැලේසියාව යන රටවල් ද ලොව සාමකාමී රටවල් ලැයිස්තුවේ මුල් 10 ට ඇතුලත් ව තිබෙනවා.

ලොව සාමකාමී ම රටවල් අතර අවසන් ස්ථානය හිමිවි ඇත්තේ ඇෆ්ගනිස්ථානය ට වීමද කැපී පෙනෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »