
Mr.World තරගාවලියේ අවසන් 10 දෙනා අතරට තේරි පත්වීමට ශ්‍රී ලංකාවේ මේඝ සුරියආරච්චි සමත්ව තිබෙනවා.
ඒ අනුව Puerto Rico හි Daniel Mejía නොවැම්බර් 23 සෙනසුරාදා වියට්නාමයේ Phan Thiet හි පැවති Mr World 2024 තරඟයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
28 හැවිරිදි Daniel Mejía ජාත්‍යන්තර ශූරතාව දිනාගත් පළමු Puerto Rico ජාතිකයා බවට පත්වුණා.

චෙක් ජනරජයේ තෝමස් හැරින්, ඉන්දියාවේ ගෝකුල් ගනේෂන්,
කෙන්යාවේ ටෙඩි රොසිටර්,

ශ්‍රී ලංකාවේ මේඝ සූරියආරච්චි,
තුර්කියේ ඊජ් කරබෙන්ලි සහ
වෙනිසියුලාවේ ජුවාන් ඇල්බර්ටෝ අවසන් තරගකරුවන් 10 දෙනා අතරට සුදුසුකම් ලැබුවා.
Mr.World කිරුළ දිනාගත් Daniel Mejía ක්‍රීඩා සහ ටැලන්ට් තරගයෙන්ද ජයග්‍රහණය කර තිබෙනවා.
මෙම තරගාවලියේ දී මේඝට Mr National Costume People’s Choice සම්මානය හිමි වූ අතර ශ්‍රී ලාංකිකයෙක් Mr.World තරගාවලියේ අවසන් 10 දෙනා අතරට තේරි පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි