Search

මෙල්බන් ශ්‍රී ලාංකිකයින්ගෙන් ලංකාවට මිලියන 7.5ක පරිත්‍යාගයක්

මෙල්බන් උපසංස්කෘතිය තුළ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පසුගිය දා සංවිධානය කෙරුණු මනුසත් සැදෑව මගින්ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 7.5 ක මුදලක් සොයා ගැනීමට මෙල්බන්හි මනුසත් පදනම සමත්ව තිබෙනවා.

 

එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකාවේ කොස්ගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මෙත් මන්සල වැඩිහිටි නිවාස සංකීර්ණයේ දෙවන අදියරේ වැඩකටයුතු සදහා යෙදවීමට නියමිත බවයි මෙල්බන් මනුසත් පදනම සදහන් කළේ.

 

පසුගිය නොවැම්බර් 16 වනදා මෙල්බන් හී පැවැත්වූ මනුසත් සැදෑව 2024 සහභාගි වූ ශ්‍රී ලාංකිකයින් සහ අනුග්‍රාහකයින්ගෙන් මෙම රුපියල් මිලියන 7.5ක මුදල සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

 

සරණක් අවැසි වැඩිහිටියන් වෙනුවෙන් මේ සිදුකෙරෙන සේවයට දායක වීමට ඔබටත් අවස්ථාව හිමිවන අතර වැඩිදුර තොරතුරු සදහා මෙල්බන් මනුසත් පදනම හා සම්බන්ධ වීමට අවස්ථාව හිමිවනවා.

 

වාණිජමය අවශ්‍යතා වෙනුවෙන් නොව සරණක් අවැසි ශ්‍රී ලංකාවේ වෙසෙන අපේම ජනතාවට උපකාර කිරීමේ අරමුණින් පිහිටුවා ඇති මෙම පදනමට ඔබටත් දායක විය හැකියි.

 

වැඩිවිස්තර සදහා අමතන්න..

 

අමිල වීරසිංහ 0430 090 385

ලලිත් ලීලාරත්න 0401 586 573

දිනේෂ් පෙරේරා 0478 804 952

ෆියාස් මිස්කින් 0488 666 280

නුවන් සමරපති 0450 265 167

 

Email – [email protected]

Website – www.methmansala.org

 


ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »