එළඹෙන ගිම්හාන නිවාඩු සමයේ පාපැදි භාවිතයේදී සැලකිලිමත් වන ලෙසට ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මවුන්ටන් පාපැදි අනතුරු හේතුවෙන් ළමයින් 14 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර අනතුරු ඉහළ යාම හේතුවෙන් අවදානම් තත්වයක් මතුවී ඇති බවයි පැවසෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස් පික්ටන් පැවසුවේ මීට පෙර මෙවැනි අනතුරු ඉහළ යාමේ තත්වයක් දැක නොමැති බවයි.
පාපැදිකරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් භාවිතයට මෙන්ම පපුව, දණහිස සහ උරහිස් පෑඩ් ඇතුළු අමතර ආරක්ෂිත උපාංග පැළඳිය යුතු බවටද උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම පාපැදිවලින් සිදුවන හදිසි අනතුරකට සම්බන්ධ ඕනෑම අයෙකුට වහාම ගිලන් රථයක් ගෙන්වා ගන්නා ලෙසට ද වෛද්‍ය වෘත්තිකයන් දැනුම් දෙනවා.