Search

Pill Testing පළමුවරට වික්ටෝරියා දැවැන්ත සැණකෙළියකටත්

මෙවර “Beyond Tha Valley” සැණකෙළිය වෙනුවෙන් නීති විරෝධී මත් පෙති භාවිතය භාවිතය පරීක්ෂා කිරීම සදහා පළමු වරට Pill Testing ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවට සදහන් වනවා.

මෙම වසරේ දෙසැම්බර් 28 වනදා සිට ජනවාරි 1 වෙනිදා දක්වා Geelong අසල පැවැත්වෙන “Beyond The Valley” සැණකෙළිය සදහා 35,000 කට අධික පිරිසක් සහභාගී වන බවට අපේක්ෂා කරනවා.

Pill Testing ක්‍රමවේදය මුල් වරට මෙම සැණකෙළිය හරහා හදුන්වා දෙන බවත් “Beyond The Valley” ඇතුලුව නව වසරේදී පැවැත්වීමට නියමිත තවත් උත්සව අවස්ථා 10 ක් සදහා Phill Testing ක්‍රමවේදය හදුන්වා දීමට නියමිත බවයි වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් සදහන් කර ඇත්තේ.

පසුගිය ජනවාරි මාසයේදී මෙල්බන් හී දී පැවැත්වුණු Hardmission සැණකෙළියේදී MDMA නම් මත් ද්‍රව්‍යයක් අධිමාත්‍රාවෙන් ලබාගත් පුද්ගලයන් 8 දෙනෙකු කෝමා තත්වයට පත්වීමෙන් පසුව විශේෂඥයින් විසින් Pill Testing ක්‍රමවේදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටි බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

මෙම Pill Testing සේවාව හරහා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් රහසිගතව මත් පෙති වර්ග, දියර වර්ග, ශරීරයට අහිතකර රසායනික දුව්‍ය සහ මත් ද්‍රව්‍ය වර්ග හදුනා ගැනීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ.

2025 වසරේ මැද භාගයේ දී මෙල්බන් හි ස්ථිර Pill Testing සදහා ස්ථිර ස්ථානයක් විවෘත කරන බව ද වික්ටෝරියා රජය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »