
ඔස්ට්‍රේලියා පෝස්ට් විසින් තැපැල් ලිපි බෙදා හැරීමේ සේවා සඳහා වන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ලබන 2025 වසරේ මැද සිට ලිපි බෙදා හැරීමේ ගාස්තු ඩොලර් ශත 50ක පමණ දක්වා වූ මුදලකින් වැඩි කිරීමට යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.
සාමාන්‍ය කුඩා ලිපි ඩොලර් 1.50 සිට ඩොලර් 1.70 දක්වා ද, ග්‍රෑම් 125ක් දක්වා බරකින් යුත් ලිපි ඩොලර් 3සිට ඩොලර් 3.40 දක්වා ද, ග්‍රෑම් 125ත් 250ත් අතර විශාල ලිපි ඩොලර් 4.50 සිට ඩොලර් 5.10 දක්වා ද වැඩි වනු ඇති.

ප්‍රමුඛතා ලිපි සඳහා ශත 30ක ගාස්තු වැඩිවීමක් ද යෝජනා කරන අතර ඒ අනුව එහි ගාස්තුව ඩොලර් 1 දක්වා ඉහළ නැංවෙනවා.
මිල වෙනස්වීම් හේතුවෙන් ප්‍රමුඛතාව සහිතව සාමාන්‍ය කුඩා ලිපියක් යැවීමේ පිරිවැය ඩොලර් 2.20 සිට ඩොලර් 2.70 දක්වා ශත 50 කින් වැඩි වන බව සඳහන්.

ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසමේ කොමසාරිස් කැට්‍රියෝනා ලෝ පැවසුවේ යෝජිත මිල වැඩි කිරීම් පිළිබඳ පාරිභෝගිකයින්, ව්‍යාපාර සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් මත විමසීමට අපේක්ෂා කරන බවයි.
යෝජිත වැඩිකිරීම් අනුමත කිරීමට පාරිභෝගික ආයතනයට බලයක් නොමැති අතර ජනතා මත විමසුමෙන් පසු 2025 ආරම්භයේදී ඔවුන් මිල වැඩි කිරීම පිළිබඳ මූලික සමාලෝචනයක් නිකුත් කරනු ඇති.