
ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ඉතියෝපියානුවන් තිදෙනෙකු විසින් ගුවන් යානයක් පැහැරගෙන සිදුවූ අමිහිරි ඛේදවාචකය සිදුවී වසර 28ක් සපිරෙනවා.
1996 නොවැම්බර් 23 වැනිදා ඉතියෝපියානු ගුවන් සේවයට අයත් Boeing 767-200ER ගුවන් යානය මෙලෙස Hijacked කර ඔස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට කොල්ලකරුවන් විසින් ගුවන් නියමුවන්ට නියෝග කළා.
යානය පියාසර කරමින් තිබියදී ගුවන් යානය ඉන්ධන අවසන් වී කොමරෝස් දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදට යානය කඩා වැටී තිබුණා.

අනතුරින් කොල්ලකරුවන් තිදෙනා ඇතුළුව යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 175 දෙනාගෙන් 125 දෙනෙක් මෙම අනතුරෙන් මිය ගියා.
මගීන් 50 දෙනෙකු මෙම අනතුරෙන් දිවි බේදා ගැනීමට සමත්වුණා.

එම භයානක සිදුවීම සිදුව ඊයේ දිනට(නොවැම්බර් 23) වසර 28ක් සපිරෙනවා.
වසර 28 කට පසුක මෙම ව්‍යසනයෙන් මියගිය අය සිහි කිරීමේ වැඩසටහනක් ද ඊයේ සිදු කෙරුණා.
ගුවන් යානයක් පැහැරගැනීම් සම්බන්ධ විශාල ඛේදවාචයක් සිදුවූ පළමු වාර්තාගත සිදුවීම ලෙසටද මෙය වාර්තා අතරට එක්වෙනවා.