ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් ඕස්ට්‍රේලියානුවෙකුට රුධිර කැටි ගැසීමක් ඇතිවීම ගැන හෙට තීරණාත්මක සාකච්ඡාවක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට දුර්ලභ රුධිර කැටි ගැසීමක් ඇතිවීම සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණ පවත්වන බව ඕස්ට්‍රේලියාවේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී මයිකල් කිඩ් තහවුරු කර තිබේ.

මහාචාර්ය කිඩ් පැවසුවේ මෙම කාරණය ඉතා බැරෑරුම් ලෙස සලකන බවත් Therapeutic Goods Administration (TGA) විසින් විමර්ශනය කරමින් සිටින බවත්ය.

TGA හි එන්නත් ආරක්ෂණ විමර්ශන කණ්ඩායම හෙට රැස්වන අතර මෙම ආබාධය ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමඟ සම්බන්ධ වී තිබේද යන්න තීරණය කිරීමට උත්සාහ කරනු ඇත.

මේ වන විට මෙල්බර්න් හි බොක්ස් හිල් රෝහලේ ප්‍රතිකාර ලබන 44 හැවිරිදි පුද්ගලයෙකුගේ රුධිර කැටි ගැසීම් වාර්තා වී තිබේ.

මෙම පුද්ගලයා මාර්තු 22 වන දින හෝ ඊට ආසන්න දිනකදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් අතර බරපතල thrombosis සහ අඩු පට්ටිකා ප්‍රමාණයක් සහිතව රෝහල් ගත කරනු ලැබීය.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »