![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ඔස්ට්‍රේලියාවේ ගිනිකොන කලාපයේ උෂ්ණත්වය පහත වැටීමට ආරම්භ කර ඇති අතර රටේ බොහෝ ප්‍රදේශවලට ඊයේ දින වාර්තා වූ අදික උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාළගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.
ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ සාරා ස්කලී සදහන් කළේ සති අන්තයේ දැඩි උෂ්ණත්වය සම්බන්ධයෙන් වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවට පණවා තිබූ අනතුරු ඇඟවීම් දැන් අවලංගු කර ඇති බවයි.
තාප තරංගය බොහෝ දෙනෙකුට සැලකිය යුතු අපහසුතාවයක් ඇති කළ අතර, Mount Gambier සහ මෙල්බර්න් යන ප්‍රදේශ දෙකේම උෂ්ණත්වය ඊයේ අංශක 37 දක්වා ඉහළ ගොස් තිබුණා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
ස්කලී පැවසුවේ “බොහෝ සිසිල්” තත්වයන් අද දිනයේදී බලාපොරොත්තු විය හැකි බවයි.
කෙසේ වෙතත් උණුසුම් කාලගුණය අද නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් හරහා දිගටම දැනෙනු ඇති අතර, සිඩ්නි හි බටහිර ප්‍රදේශය ලබන සතියේ මැද භාගය දක්වා සෙල්සියස් අංශක 30 දක්වා උෂ්ණත්වය ඉහල යා හැකි බව සදහන්.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
පර්ත් හි සෙල්සියස් අංශක 34ක් ද, කැන්බරා සෙල්සියස් අංශක 33ක් ද, ඩාවින් සෙල්සියස් අංශක 32ක් දක්වා උෂ්ණත්වය ඉහළ යනු ඇත.
ඇඩිලේඩ් සෙල්සියස් අංශක 27ක්, බ්‍රිස්බේන් සෙල්සියස් අංශක 28ක් සහ සිඩ්නි සෙල්සියස් අංශක 29ක් දක්වා ඉදිරි සතිය තීරණාත්මක වනු ඇති.
හෙටින් ආරම්භ වන නව සතිය ඔස්ට්‍රේලියාවේ සිසිල්ම කාලගුණය වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ක අගයක් පවතිනු ඇති බව සදහන්.
නොවැම්බර් මස මෙතෙක් වැඩිම උෂ්ණත්වය මෙල්බන් වලින් වාර්තා වුවද එම අගය හෙට සිට වෙනස් වනු ඇති