Search

චීනයේ දින 15 Free Visa ප්‍රතිපත්තියට ඔස්ට්‍රේලියාවත්

චීනය විසින් ක්‍රියාත්මක කර තිබෙන ඒක පාර්ශවීය දින 15 Free Visa ප්‍රතිපත්තියට අයත් රටවල් අතරට ඔස්ට්‍රේලියාව ඇතුලත් වී තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වූ මෙම ක්‍රමවේදය සදහා මෙම වසරේදී අලුතෙන් රටවල් කිහිපයක් ද ඇතුලත් වී තිබෙන බවයි සදහන් වන්නේ.

2024 නොවැම්බර් මස 8 වනදා සිට 2024 වසරේ දෙසැම්බර් 31 දක්වා මෙම ක්‍රමවේදය හරහා ඔස්ට්‍රේලියානුවන්ට තම විදේශ ගමන් බලපත්‍රය ඔස්සේ වීසා රහිතව චීනය වෙත පැමිණිය හැකි අතර දින 15 ක කාලයක් චීනය තුළ රැදී සිටීමට ද අවකාශය හිමි වනවා.

COVID 19 වසංගත තත්වය හමුවේ කඩා වැටීමට ලක්වූ සංචාරක ක්ෂේත්‍රය යළි ගොඩනැගීම සහ ජාතීන් අතර ආර්ථික හා සංස්කෘතික සබදතා ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

මෙම ලැයිතුවට ඇතුලත් ව තිබෙන නව රටවල් අතර ඇන්ඩෝරා, බෙල්ජියම, ඩෙන්මාර්ක්, ෆින්ලන්තය, අයිස්ලන්තය, Liechtenstein, මොනාකෝ, නෝර්වේ, ස්ලෝවැකියා සහ දකුණු කොරියාව ද ඇතුලත් වී තිබීම විශේෂත්වයක්.

මෙම වැඩපිළිවෙළ හරහා චීනය වෙත විදෙස් සංචාරක ආකර්ෂණය නැවත ලබාගැනීමට හැකියාව ඇති අතර රාජ්‍ය තාන්ත්‍රික හා වාණිජ සබදතා ද නැවත ශක්තිමත් බවයි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »