Search

ලෝකයේ හොදම නගර 10 ට ඔස්ට්‍රේලියාවේ නගරයක්

Time Out සඟරාව විසින් පළ කර තිබෙන ලෝකයේ හොදම නගර 10 අතරට ඔස්ට්‍රේලියාවේ නගරයක් ද ඇතුලත් වී තිබෙනවා.

කැනේඩියානු සංචාරක හා දේපළ වෙළාදාම් උපදේශන ආයතනයක් වන Resonance Counsltancy විසින් සිදුකර ඇති මෙම ශ්‍රේණිගත කිරීම ජීවත් වීමේ හැකියාව, ආදරණීය බව සහ සෞභාග්‍යය යන අංශ තුන කේන්ද්‍ර කරගෙන සිදුකර තිබෙන බවයි සදහන් වන්නේ.

මෙම ශ්‍රේණිගත කිරීම යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට 10 වන ස්ථානය හිමිවී තිබෙන බවයි එහි දක්වා ඇත්තේ.

මෙහි පළමු ස්ථානය එංගලන්තයේ ලන්ඩන් වෙත හිමිව තිබෙන පසුබිමක දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් ඇමෙරිකාවේ නිව් යෝර්ක් සහ ප්‍රංශයේ පැරිස් වෙත හිමි ව තිබෙනවා.

ජපානයේ ටෝකියෝ මෙම ලැයිස්තුවේ සිව් වන ස්ථානයට පත්ව ඇති අතර සිංගප්පූරු සහ ඉතාලියේ රෝම නගරය මෙහි පස්වන සහ හය වන ස්ථාන හිමි කරගෙන තිබෙන බවයි සදහන් වන්නේ.

ශ්‍රේණිගත කිරීමේ සෙසු ස්ථාන පිළිවෙලින් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, බාසිලෝනා සහ ජර්මනීයේ බර්ලින් විසින් හිමි කරගෙන තිබීම ද විශේෂත්වයක්.