
මෙල්බන් හි බටහිර ප්‍රදේශයේ පිහිටි ඇළ මාර්ගයක ජලය කොළ පැහැයට හැරීම හේතුවෙන් ඒ ආසන්නයේ ජීවත්වන ජනතාවට එම ඇළේ ජලයෙන් බැහැරව සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා.
Cruickshank Park හි පිහිටා ඇති Stone ඇළ මාර්ගයේ ජලය දීප්තිමත් කොළ පැහැයට හැරී පැවතීම හේතුවන් පරිසර ආරක්ෂණ අධිකාරිය (EPA) විසින් වික්ටෝරියා ප්‍රාන්තය වෙත දැනුම් දීමක් සිදුකර තිබෙන බවයි සදහන් වන්නේ.
ජලයේ මෙම පැහැය වෙනස් වීම සිදුවී ඇත්තේ අපද්‍රව්‍ය සහ භූගත පයිප්පවල සිදුවන කාන්දුවීම් සහ අවහිරතා පරීක්ෂා කිරීම සදහා ජලනල කාර්මිකයන් විසින් යොදා ගනු ලබන දීප්තිමත් ඩයි වර්ගයක් වන Fluorescein කාන්දු වීම නිසා බවයි වාර්තා වන්නේ.

Fluorescein ශරීරයට අහිතකර නොවූවත් ජනතාවට එම ඇළේ ජලයෙන් බැහැරව සිටින ලෙසයි බලධාරීන් විසින් උපදෙස් දී ඇත්තේ.
පසුගිය වසරේදී ද මෙවැනි ආකාරයේ Fluorescein කාන්දු වීමක් Southbank අසල Yarra ගඟේ දී ද සිදුවී තිබෙන බවට තොරතුරු සදහන් වනවා.

පරිසර ආරක්ෂණ අධිකාරිය (EPA) විසින් ජලනල කාර්මිකයන්ගෙන් සහ වෙළදුන්ගෙන් ඉල්ලා සිටින්නේ අධි සාන්ද්‍රණයක් සහිත මෙම ඩයි වර්ගය සමග සැලකිලිමත්ව වැඩ කටයුතු සිදුකරන ලෙසටයි.