Search

මෙල්බන් Auction clearance Rate එක 60% ට වඩා අඩු වෙයි

පසුගිය මාස 8 ක කාලය තුළ දී මෙල්බන් හි දේපල වෙළදපොලේ වෙන්දේසි නිෂ්කාශන අනුපාතය (Auction clearance rate) 60% සීමාවට වඩා පහත වැටී තිබෙනවා.

මෙවැනි පසුබිමක ඔක්තෝබර් මාසයේ දී වෙන්දේසි නිෂ්කාශන අනුපාතය (Auction Clearance Rate) 59.3% ක් ව පැවති අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව එහි 3.3% ක පහත වැටීමක් පෙන්නු කරන බවයි Domin දත්ත වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

2024 වසරේ ඉහලම නිෂ්කාශන අගය පෙබරවාරි මාසයේදී වාර්තා වූ අතර එම අගය 63.3 ක් බවයි එම දත්ත වාර්තා ඔස්සේ වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ.

සාමාන්‍යයෙන් 60% ක වෙන්දේසි නිෂ්කාශන අනුපාතයක් තුළින් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර සමබර වෙළදපොළක් නිර්මාණය කරන අතර ඉහල නිෂ්කාශන අගයක් යටතේ දේපල මිල ඉහල යන බවත් පහල නිෂ්කාශන අගයක් යටතේ දේපල මිල පහල යන බවත් එහි සදහන් වනවා.

Domin හි ආර්ථික විද්‍යා සහ පර්යේෂණ ප්‍රධානී ආචාර්ය නිකොලා පවෙල් විසින් සදහන් කර ඇත්තේ පසුගිය මාස 8 ක කාලය තුළ මෙල්බන් හි අඩු වෙන්දේසි නිෂ්කාශන අගයක් පෙන්නුම් කරන බවත් එම තත්වය විකුණුම්කරුවන්ට සාපේක්ෂව ගැනුම් කරුවන්ට වඩාත් හිතකර වන බවයි.