
ලොව ධනවත්ම පුද්ගලයාවන එලෝන් මස්ක් තවත් ධනවත් වී තිබෙනවා.
ඒ මස්ක්ගේ ශුද්ධ වත්කම වාර්තාගත ඩොලර් බිලියන 347.8 ක් වීමත් සමගයි.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ටෙස්ලා නිර්මාතෘ එලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම, ඩොලර් බිලියන 340 ඉක්මවා ඇත්තේ 2021 නොවැම්බරයේදියි.

එතැන් සිට ඔහුම තැබූ වාර්ථා, ඔහුම කඩා දමා තිබෙනවා.
ටෙස්ලා හි කොටස් නොවැම්බර් 5 පැවති ජනාධිපතිවරණයෙන් පසු ඉහළ ගොස් ඇති අතර සිකුරාදා පමණක් සියයට 3.8 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ජනපතිවරන දිනයේ සිට, ට්‍රම්ප් පරිපාලනය තුළ මස්ක්ගේ බලපෑම සමාගමට ප්‍රතිලාභ ලබා දෙන පසුබිමක් නිර්මාණය කර තිබෙනවා.
බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව, ටෙස්ලා හි විශාලතම තනි කොටස් හිමියා වන එලෝන් මස්ක්, මැතිවරණ දිනයේ සිට දළ වශයෙන් ඩොලර් බිලියන 83 කින් පමණ පොහොසත් වී ඇති බව සදහන්.