Search

ඔස්ට්‍රේලියානු ජනප්‍රිය DVD Player එකක් වහාම යළි කැදවයි

ඔස්ට්‍රේලියාවේ JB Hi-Fi වෙළදසැල්වල අලෙවි කරන ලද Ayonz Dual Screen Portable DVD Players සියල්ලම නැවත වෙළද සැල් වෙතට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මේවායේ බැටරි අධික ලෙස රත් වීම හේතුවෙන් ගිනි ගැනීමකට ලක්විය හැකි අතර ඒ ඔස්සේ ජීවිත හා දේපල හැකි බැවින් මෙම තීරණය ගත් බවයි Product Safety අධිකාරිය විසින් සදහන් කර ඇත්තේ.

AGL37790001 සිට AGL37791000 දක්වා අනුක්‍රමික අංක සහිත DVD Players මෙම වසරේ ජනවාරි 1 වෙනිදා සිට ඔක්තෝබර් 7 වෙනිදා දක්වා JB Hi-Fi වෙළදසැල් වල අලෙවි කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම නිෂ්පාදනය මිලදී ගත් ඕනෑම අයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි එය භාවිතා කිරීම නවතා දමන ලෙසට බලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම භාණ්ඩය මිලදී ගත් වෙළදසැල වෙත නැවත භාර දීම ඔස්සේ මිලදී ගැනීම සදහා වැය වූ සම්පූර්ණ මුදල නැවත ලබා ගත හැකි බවත් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු (02) 8279 8606 දුරකතන අංකය හරහා Ayonz ආයතනය සමග සම්බන්ධ වීමෙන් දැනගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය තිබෙන බවයි දක්වා ඇත්තේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »