
ලබන වසරේ මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අද (23) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසි ලබා දී ඇති තීන්දුවට අනුව හැකි ඉක්මනින් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඉදිරියේදී සෙසු පක්ෂ සමග සාකච්ඡා කර මැතිවරණය සදහා අලුතින් නාම යෝජනා කැඳවීමට කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධව තීරණය කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් තවමත් පලාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
