Search

මාස 10 කදී ඔස්ට්‍රේලියාවෙන් වෙනත් රටවලට බැටළු මස් ටොන් 200,000 ක්

ඔස්ට්‍රේලියාව විසින් මෙම වසරේ පළමු මාස 10 ක කාලය තුළ ටොන් 200,000 ක පමණ බැටළු මස් වෙනත් රටවලට අපනයනය කර තිබෙනවා.

2024 වර්ෂය එළු මස් අපනයනය අතින් වාර්තාගත වසරක් වී තිබෙන පසුබිමක ඔස්ට්‍රේලියාව විසින් වැඩිම බැටළු මස් ප්‍රමාණයක් අපනයනය කරන රට බවට චීනය පත්වී තිබෙන බවයි සදහන් වන්නේ.

Meat & Livestock Australia (MLA) දත්ත වාර්තා සදහන් කරන ආකාරයට ගෙවී ගිය සති 4 ක කාලය තුළ ඔස්ට්‍රේලියාව විසින් බැටළුවන් මිලියනකට අධික ප්‍රමාණයක් මස් සදහා සකස් කර ඇති අතර පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව එම අගය 42% කින් ඉහල ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය කරන බැටළු මස්වලින් 95% ත් 97% ත් අතර ප්‍රමාණයක් සෑම වසරකදීම වෙනත් රටවල් වෙත අපනයනය කරන පසුබිමක ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන් බැටළු මස්වලට වඩා කැමැත්තක් දක්වන්නේ බැටළු පැටවුන්ගේ මස් (Lamb) වලට බවයි Meat & Livestock Australia (MLA) හි ප්‍රකාශකයෙකු වන ටිම් ජැක්සන් විසින් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය වසරේදී බැටළු මස් අපනයනය ටොන් 209,580 ක වාර්තාගත අගයකට ළගා වූ අතර මෙම වසර අවසන් වනවිට එම අගය පහසුවෙන්ම අභිබවා යනු ඇතැයි සදහන් වනවා.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්‍තයේ Wimmera කලාප පශු සම්පත් නියෝජිතයෙකු වන Wayne Driscoll විසින් ප්‍රකාශ කර ඇත්තේ බැටළුවන් කෙරෙහි පවතින ඉල්ලුම වැඩි වීම හේතුවෙන් සැපයුම් අංශයේ යම් පහත වැටීමක් ඇතිවී තිබෙන බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »