
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අද (23) උදෑසන හදිසි ගංවතුර තත්වයක් ඇතිවී තිබෙනවා.
බ්‍රිස්බන් නගරයට උතුරින් පිහිටි South Mission Beach වෙත මිලි මීටර් 200 ක පමණ වර්ෂාපතනයක් ඇද හැලීමෙන් පසුව ඇතිවූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් නිවාස රැසකට බලපෑම් එල්ල වී තිබූ බවයි සදහන් වන්නේ.
Gold Coast හි Tugun වෙත ද මිලිමිටර් 170 ක පමණ වර්ෂාපතනයක් ඇද හැලී තිබුණු අතර Coolangatta ප්‍රදේශයට මිලිමීටර් 150 ක පමණ වර්ෂාපතනයක් ඇද හැලුණු බවට තොරතුරු වාර්තා වනවා.

මෙම ගංවතුර තත්වය හමුවේ වීදි ජලයෙන් යටවී තිබූ අතර ප්‍රදේශවාසීන් ට එහා මෙහා යාම සදහා බෝට්ටු භාවිතා කිරීමට සිදුවී තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
අද උදෑසන සිටම Moonie ගඟේ සහ Ipswich අසල පිහිටි Bremer ගඟේ ජල මට්ටම ඉහල ගොස් තිබීම හේතුවෙන් එම කලාපයන්වල තවදුරටත් ගංවතුර අවදානමක් පවතින බවද වාර්තා වනවා.

Gold Coast සහ බ්‍රිස්බන් යන කලාපවලට ඉදිරි කාලයේදී වැසි ඇති විය හැකි නමුත් එම වැසි එතරම් ප්‍රබල ඒවා නොවන බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.