
පසුගිය මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ 3G ජාලය සම්පුර්ණයෙන් අවහිර කිරීම හේතුවෙන් වැඩිහිටි සහ දුරස්ථ කලාපීය ප්‍රදේශවල පදිංචි ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් ගැටළුවලට මුහුණදී ඇතැයි වාර්තා වනවා.
ජාතික වශයෙන් 3G වසා දැමීම නිසා තම දුරකථන ඇතුලු උපාංග ක්‍රියා විරහිත වීම හමුවේ ඇතැම් වැඩිහිටියන් සහ ග්‍රාමීය ප්‍රජාව කලකිරීමට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.
දුරකථන සහ අයිපෑඩ් ඇතුලු උපාංග ක්‍රියා කිරීම නතර වීමෙන් පසු බොහෝ දෙනෙකු කලකිරීමට සහ ව්‍යාකූලත්වයට පත්ව සිටින බව සඳහන්.

ලෝකයේ ඩිජිටල් සන්නිවේදන තාක්ෂණය ව්‍යාප්ත වීම හමුවේ ඔස්ට්‍රේලියාවේ 3G සේවා අවහිර කළ ද ග්‍රාමීය නගරවල සිටින වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට ඉන් ඩි බලපෑමක් වී ඇති බවට හෙළිවී තිබෙනවා.
3G සේවා අවහිර කිරීමෙන් පසු විශාල පිරිසක් තම ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රජා උපකාර වෙත යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය ඇස්තමේන්තු කර ඇත්තේ මෙතෙක් භාවිතයේ තිබූ උපාංග 250,000කට වඩා නොවැම්බර් මස ආරම්භයේදී අවහිර වී ඇති බවයි.
3G සේවා වසා දැමීමෙන් ඕස්ට්‍රේලියානුවන් මිලියන තුනක් පීඩාවට පත්ව ඇති අතර ඔවුන්ට සහන සැලසීම සඳහා ප්‍රජා වෙනුවෙන් ෆෙඩරල් රජයේ අරමුදල් වෙන් කල යුතු බවට ද ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.