
ඔස්ට්‍රේලියාවේ අගනගර කිහිපයකම නිවාස කුලී ගාස්තු සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
සුබ සාධන දීමනා ලබන්නන්, අවම වැටුප් ලබන කම්කරුවන් සහ තනි ආදායමක් ලබන පවුල් ඒකක මෙම තත්වය මත බරපතල පීඩාවකට පත්වී ඇති බවයි නව සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ.
ඊයේ නිකුත් කරන ලද National Shelter දර්ශකය පෙන්නුම් කරන්නේ කැන්බරා අග නගර කලාපයේ හැර අනෙක් සෑම නගරයකම සාමාන්‍ය නිවසක් කුලියට ගැනීම දැරිය නොහැකි මිල ගණනකට පත්වී ඇති බවයි.

අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා මෙම තත්වය වඩාත් බරපතල වී ඇති අතර ඇතැම් අවස්ථාවලදී දුප්පතුන්ට ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීම සඳහා ඔවුන්ගේ සමස්ත ආදායමට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවට අනාවරණ වී තිබෙනවා.
සිඩ්නි සහ පර්ත් නගරවල සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට පැවති කුලී නිවාස මිල ගණන් වාර්තාගත ලෙස නරකම මට්ටමකට පැමිණ ඇති අතර මෙල්බන් නගර කලාපයේ එය සාමාන්‍ය තත්වයක පවතින බවයි සඳහන් වන්නේ.

සිඩ්නි නගර කලාපයේ කුලී නිවැසියෙකුගේ ආදායමෙන් සියයට 30ක් සහ පර්ත්හි සියයට 31ක් කුලී ගාස්තු සඳහා ගෙවීමට සිදුවී තිබෙනවා.
ඇඩිලේඩ් පදිංචිකරුවෙකුට තම ආදායමෙන් සියයට 30ක් සහ බ්‍රිස්බන් පදිංචිකරුවෙකුට තම ආදායමෙන් සියයට 29ක් කුලී සඳහා ගෙවීමට සිදුවී ඇති බවයි පැවසෙන්නේ.
මෙල්බන් කුලී නිවැසියන්ට ආදායමෙන් සියයට 25ක මුදලක් ගෙවීමට සිදුවන අතර මෙල්බන් නගර කලාපයේ දැරිය හැකි මුදලකට ලබා ගත හැකි නිවාස නොමැති බව ද හෙළිවී තිබෙනවා.
නිදන කාමර දෙකකින් යුත් නිවසක් කුලියට ගැනීමට අපේක්ෂා කරන අවම වැටුප් සහිත යුවළකට සිඩ්නි නගරයේදී ඔවුන්ගේ ආදායමෙන් සියයට 37ක්ද, මෙල්බන්හිදී සියයට 30ක් ද, බ්‍රිස්බන්හිදී සියයට 31ක් සහ පර්ත්හිදී සියයට 30ක් ද වියදම් කිරීමට අවශ්‍ය වන බවයි නව වාර්තාවල දැක්වෙන්නේ.