
අවුරුදු 3ක් වයසැති කුඩා දරැවෙකු නිසි පිරිදි රැකබලා නොගැනීම හේතුවෙන් 18 හැවිදිරි දරුවන් රැකබලාගන්නා සේවිකාවක් වරදකරු වී තිබෙනවා.
එනම් මේ වසර මුලදී ඇඩිලේඩ් හි නිවසක තුන් හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලැබීමෙන් පසු 18 හැවිරිදි ළදරු රැකවරණ සේවිකාවට චෝදනා එල්ල වී ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අද නිකුත් කළ විශේෂ වාර්තාවකට අනුව දරුවාට සාපරාධි ලෙස පහරදීම ඇතුලු චෝදනා රැසක් එම සේවිකාවට එල්ල වී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ දරුවා සති දෙකක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර ඔහු තවමත් සුව වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
සැකකාරBabysitter ලබන වසරේ ජනවාරි 21 වැනිදා යලිත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

තවදුරටත් සාපරාධී නොසලකා හැරීම් සහ පිරිමි ළමයාට පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙමින් පවතින බව පොලීසිය පවසනවා.