
මෙල්බන් හි අද අලුයම සිදුවු පිහි ඇණුමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධයි සැක කෙරෙන පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද අලුයම මෙල්බර්න් හි නිරිතදිග ප්‍රදේශයේ දි මෙම පහරදීම සිදුව ඇති අතර 23 හැවිරිදි තරුණයෙක් මෙලෙස අසාධ්‍ය තත්වයට පත්ව ඇති බව සදහන්.

මේ අතර තවත් අවුරුදු 16ක් වයසැති ළමයෙක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙය අවස්ථා දෙකකදී සිදුවූ පිහි ඇණුම් දෙකක් වන අතර වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
