Search

Visa Application වලට ෆෙඩරල් රජය වැඩියෙන් මුදල් අයකර බවට චෝදනා

ෆෙඩරල් රජය විසින් නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියානුවන්ගෙන් බිලියන ගණන වෙළඳ ගාස්තු අය කර ඇතැයි හෙළිවී තිබෙනවා.

රජයේ ගනුදෙනු සඳහා ඩොලර් බිලියන ගණනක අධිභාර අයකර ඇති බවට හෙළිදරව් වීමෙන් පසු නීති විරෝධී වෙළෙඳ ගාස්තු නතර කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම්, වීසා අයදුම්පත් සහ බදු බිල්පත් ඇතුළු සේවාවන් සඳහා ඩෙබිට් කාඩ්පතකින් ගෙවීම් කිරීමේදී මෙම ගාස්තුව ය කර තිබෙනවා.

ජෝන් හොවාර්ඩ් රජය සමයේ සිට පාරිභෝගිකයින් මෙම ගාස්තු ගෙවා ඇති බව ද සඳහන්.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද මෙවැනිම සොයාගැනීමක් සිදු වූ අතර වසර 8ක් පුරා ප්‍රාන්ත රජය විසින් නීති විරෝධී ලෙස ඩොලර් මිලියන 144ක් එකතු කර ඇති බවටයි එහිදී අනාවරණ වූයේ.

මේ හේතුවෙන් ෆෙඩරල් රජය මට්ටමින් ගැටලුව පරීක්ෂා කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවනු ලැබූ අතර විගණනය කිරීමේ අභියෝග හේතුවෙන් එම ගාස්තු අය කළ පුද්ගලයින්ට ආපසු ගෙවීමේ සැලසුමක් නොමැති බව හෙළිවී තිබෙනවා.

මුදල් අමාත්‍ය කැති ගැල්ග්හර් පැවසුවේ 2025 වසරේ ජනවාරි පළමු වනදා සිට ඩෙබිට් කාඩ් ගාස්තු අය නොකරන බවයි.