බ්‍රිස්බන් Princess Alexandra රෝහලේ තවත් හෙදියකට කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

බ්‍රිස්බන් Princess Alexandra රෝහලේ තවත් හෙදියකට කොවිඩ්

බ්‍රිස්බන් Princess Alexandra රෝහලේ තවත් හෙදියකට කොවිඩ්

බ්‍රිස්බන් නුවර Princess Alexandra රෝහලේ සිටි තවත් හෙදියක කොවිඩ් ආසාධිත බවට තහවුරු කරගෙන තිබෙනවා.

මෑතකදී වාර්තාවු කොවිඩ් පොකුරු ආශ්‍රිතව මේ දක්වා සොයාගැනීමට නොහැකිවී සිටි ආසාධිතයා ඇය බවටයි සැළකෙන්නේ.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කිසිදු සමාජ සම්ප්‍රේෂණ ආසාධිතයෙකු වාර්තා වී නැහැ.

එහෙත් හෝටල් නිරෝධායනයෙන් ආසාධිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙම හෙදිය මෙන්ම දැනට වෛරස ආසාධිත වෛද්‍යවරයා යන දෙදෙනාම කොවිඩ් ආසාධිතයෙකුට ප්‍රතිකාර කර ඇතැයි සඳහන්.

COMMENTS